19 December, 2016

පලිගැනීමේ කලාව නොහොත් සිටුවර මොන්ත ක්‍රිස්තෝ- The way of revenge


මනුස්ස පරාණ වෙච්ච අපි කවුද කැමති දුක් විදින්න. හැමෝම ඒවට බයයි. 
ඒ උණාට දුක් කරදර ආවම කවදාවත් අපිට පුලුවන්ද ඒවට එන්න එපා කියන්න?
මොන පිස්සුද? තෙමිච්ච බල්ල, බලෙන් ගෙට එනවා වගේ ඒවත් අපේ ගේ අස්සට රිංගනවා.
අපිත් ඉතින් දත කට පූට්ටු කරගෙන ඒ හැම එකම විදගන්නවා. දන්න ශිල්ප සේරම දාල.
අන්තිමට සේරම ඉවර උණාට පස්සෙ, වෙච්ච දේවල් ඇත්තටම උණාදවත් මතක නෑ
එතකොට කියනවා "ආහ් මට තරම් කරදර ආවෙ නෑ කාටවත්.
මට දැන් ඔය ඕන එකක් විදගන්න පුලුවන්" කියලා. ඊ්ට පස්සෙ අනුන්ට බන කියන්නත් යනවා.
ඒත් හිත අස්සේ දුක් කරදර විදින්න තියෙන බයනම් එලවන්න බෑ බලි තොවිල් නැටුවත්!!
ඒ අපේ හැටි.
පලිගන්න එකත් ඔය වගේම තමා.
අපිට අනුන් කරන දේවල්වලට රිටන් එක දෙනකම් අපිට නින්ද යන්නේ නෑ.
(දැන් ඉතිං නෑ කියන්ඩ එපා ඒක නෙමේනෙ ඇත්ත)
ඒත් හුගක් වෙලාවට කාලයාගේ ඇවෑමෙන් හිතේ තියෙන සමහර මූඩ් දූරින්භුත වෙලා යනවෙලාවල් තියෙනවා.
එතකොට චෑන්ස් එකක් ආවත් ඔය රිටන් දෙන වැඩ එහෙට මෙහෙට වෙලා
"ඔන්න ඔහේ කමක් නෑ" වගේ දෙයක් හිතට එනවා.
ඒත් නිකමට හරි දුන්න රිටන් එකක් වැඩ කළාට පස්සේ
"චැහ්" කියලා හිතෙන වෙලාවලුත් නැතුවම නෙමේ.....
---------------------------------------------------------------------------------------------
සිටුවර මොන්ත ක්‍රිස්තෝ පොත් 06ම කියවල ඉවරයි. මොනා උණාත් මේ පොත්ටික කියවන කාලෙ මමත් බොහොම හොද කැරක්ටරයක් කෙරුවා. උඩින් හොද මූණ යටින් වලි වගේ එකක්. සිංහල භාෂාවෙ තියන අන්තිම නරක වචන උනත්, බොහොම උසස් වචන විදියට වෙනස් කරලා ප්‍රසිද්ධියේ ඇද බාන්ඩ පුලුවනි. එතෝට කාටවත් බෑ "බොහොම නරකයි (@#$#%%) අර කාන්තාව (ගෑණි) පහත් වචන (කුණු හරප) කියනවා" කියලා කියන්න. ඒක සෑහෙන්ඩ හොදට වැඩ කරනවා. එඩ්මන් දාන්තේට හරිගියේ ඒ නිසා වෙන්ඩැති. පොදු ප්‍රවාහන සේවයේ යන අපිටනං ඒක බොහෝම වටිනවා... කොන්ට්නිවු කරන්නයි හිත....

August 2016

No comments:

Post a Comment