මම කෝච්චියේ කොළඹ යෑම ඊම කනවා වගේ පුරුද්දක් කරගත්තෙ 1996 අග ඉදලා. ඒ කාලෙ දැන් තියෙන බලවේග කට්ටල අඩුයි. යාන්තං අර තැඹිලි පාට එවුවා දවල්ට පිඹගෙන ගියා මිසක්ක. වැඩියෙන්ම තිබ්බෙ තඩි එන්ජිමට හේත්තුකරපු වරක් ගියොත් මලකඩ ගඳ ඇදුම්වල සදාකාලයටම තිබුණ පෙට්ටි. මූණට මූන එක ළග තිබුණ තුනේ දෙකේ සීට් (ඒ කියන්නේ එක පැත්තට තුනයි අනිත් පැත්තෙ දෙකයි).
ඒ කාලේ ඉතින් ඔය සීට් දෙකක් අස්සට හයක් හතක් හිට ගන්නවා. වාඩි වෙනවා එක පෙලට පස් දෙනෙක් යාන්තම් තට්ටමෙන් භායක් කාලක් තියාන. එතකොට එක පොඩි කෑල්ලක දාහතක් විතර යනවා. ලේසි නැහැ. අතපය වදින එවුවා, අත ගෑවෙන එවුවා, වැටෙන්න යනකොට අහුවෙන තැන අල්ලා ගන්න එවුවා එමට. ඒ විතරක්යැ ඈත ඉදන් එන උන් ලාම්පු ගලවන හයිකරන එවුවත් තිබ්බා.ඒ උන්ට නිදාගන්න. (මං කිවුවෙ කෝච්චියෙ ලයිට් අෑ) ඒ අස්සේ මළ ගෙවල්, දානෙ ගෙවල්, මගුල් ගෙවල්, අවුරුදු, වෙසක්, වගේම ගැන්සියට ආවෙනික ට්‍රිප් එමට. ඉතිං office නොගියත් කෝච්චියට නොවරදවාම ආවා.
ඉස්කෝලෙ ළමයි වෙනම සෙට් බැස්සා. අපි කළේ අර පත බෑග් ටික සේරම සිීට් උඩට දමලා සේරමලා හිටගෙන යනවා. මොකද තඩි බෑග් බාරගන්න කවුරුවත්ම කැමති උනේ නැති හන්දා. ඒ කාලේ වැල චිත්‍රපට ඒ තරම් වසංගත වෙලා තිබුන්නෑ. පත්තරකෑලි නැගලා ගියා. හැම කොලුවගේම CR පොත් අස්සෙ නොවරදීම එවුවා තිබ්බා. ගෑල්ලමයිව බලාකියාගන්න ඕන තරං කොලුවො උන්නා. ඒ අස්සේ වලි එමට. මඩ ගැහිලි, වතුර ගහගැනිලි, බිත්තර ගැහිලි, වගේ දේවලුත් එමට.කථා කියන්න ගියොත් කෙලවරක් නැහැ. එවුවා පස්සේ. මේ කාලෙ මම පොඩි පහේ රිසර්ච් පාරක් දාලා හොයාගත්ත එවුවා ටිකක් තමා මේ කියන්නේ. දැන් ඕන් මා එක්ක ගහගන්ඩ එහෙම එනව නෙමෙයි...
සාමාන්‍යයෙන් දුර ඉදන් එන කෝච්චිවල මුලදි නගින්නේ කෝච්චියේ “අයිතිකාරයො”. එයාල බූරු ඇඳන් දිග අරගෙන කකුල් අතපය දිග අැරගෙන නිදාගෙන තමා එන්නේ. එයාලට සෙට් ඉන්නවා. ඒ සෙට්වලට හුගක් වෙලාවට එක්කාසු වෙන්නෙත් දුර ඈයෝම තමා. ඒ සිීට් හුවමාරුවට. හුගක් වෙලාවට වේයන්ගොඩ අය මේ දුර සෙට් වලට plug වෙන්න try කරනවා. ටිකකට හරි පස්සා පැත්ත තියාගන්න සීට් එකකට. එයාලගේ ඇදුම් ටිකක් පොෂ්. පෙරලාගෙන නැගීමේ කළාව හදාරමින් ඉන්නා කට්ටියක්. ඉන් එහාට ගම්පහින් නගින්නේ අමුතුම කට්ටියක්. එයාලා විතරමයි කෝච්චියේ යන්නේ වගේ තමා. පුදුමාකාර (බොරු) පොෂ් එකක්! පෙරලාගෙන නැගීමේ කළාව අතිශයින්ම ප්‍රගුණ කළාවූ පිරිසක්. කකුල් පෑගීමේ සහ අසුපසු වලින් රින්ගායාමේ උපන් හපන්නුන්. වලියට බරයි.
හැන්දෑවේ එද්දින් මේක වෙනස් වෙනවා. ගම්පහින් බහින උන් සීට්වල වාඩි වෙනවා. දුර යන උන් ඒ තරම් පොර කන්නෑ. වේයන්ගොඩ උන් නිදාගන්නවා අයිනක් අල්ලලා. ගම්පහ උන් නිදි "වගේ" ඉන්නවා (උන් ළග බහිනවානේ). පස්සා පැත්ත සීට්වලට ඇලෙනවා වාඩි උන ගමන්ම. ඒත් පෙන්වන්නේ නුවරටම යනවා වගේ. ගම්පහ ස්ටේෂන් එකේ නැවැත්තුවාම තමා සීට් එකෙන් නැගිටින්නේ. දුර යන උන් ඉතිං රට කජ්ජක් කාගෙන foot board එකේ ලගිනවා. උන් වේයන්ගොඩින් පස්සේ හෙමීට ඇවිල්ලා වාඩි වෙලා නින්දක් දානවා තවත් පැයක විතර ගමනක් හන්දා.
චර්යාවන් හැටියට සියල්ලෝම දැන් Phone වල එල්ලිලා ඉන්නවා. නැත්නම් පොතක් පතක් කියෝනවා. එහෙමත් නැත්නම් හිතපුරා බඩ පුරා ලව් කරනවා. මේ කිසිම දේකට දැන් වයස් භේදයක් නැහැ. කෝච්චියේ යද්දි තරුණ කෙල්ලක් වයසක අංකල් කෙනෙක්ගේ අතින් අල්ලාන ගියාට කවුරුවත් ඕන් කිපෙන්නෙපා. ඒ තමා කෝච්චිවල සංස්කෘතිය. එහෙම නැතුව පුලුවන්ද මේ දුම්රිය පමාව විදගන්ට. ඒ අතින් අපිට එදා ඉදාලා තිබුනේ අති උත්කෘෂ්ඨ දුම්රිය සේවයක්. දැනුත් ඒමම තමා!!!!!!!
November 2015
No comments:
Post a Comment