------------------------------
පසුගිය මාස කීපය කාර්ය බහුල වීම නිසා මා පරයා මගේ පොත් ගුල "උන්" ආක්රමණය කොට තිබිණි. අතගසා තිබුණේ අසීරු කාර්යකට වුවත්, උන් මට දැනෙන්නට රිදවා තිබුණි. එකත් එකටම
උන්ගේ මුල්ම පහර දී ඇත්තේ "ඉංදියානු ඉතිහාසය"ට විය හැක. පෞඩත්වයෙන් පිරුණාවු අතිවිශාල
"ඉංදියානු ඉතිහාසයේ" ඉතිරිවී තිබුණේ සුන් බුන් ගොඩක් පමණි.
ඉන් අනතුරුව උන් "යසෝදාව" හා "සිදුහත් යශෝදරා" ආදර අන්දරයම කාබාසිනියාකොට තිබුණි. ආදරය අරහං ආක්රමණිකයන් පිරිස D.H. Lawrence හට අයිතිව තිබූ "Women in Love" හි සියලුම ගැහැණුන් හා පිරිමින් මත සුවිසල් හිල් මතුකොට තිබුණේ ආදරයට මහා නිගාවක්ද ඇති කරමිනි.
අහෝ එයිනුදු නොනැවතී උන්
"පංච තන්ත්රය" මත සිනා මුසු මුහුණවල් හා මල් රටා සාදා තිබුණේ මා අසාවෙන් කියවු මහෞෂධ පඩිතුමාගේ ඔවදන් පයිසයකට මායිම් නොකරමය.
කහ ගැහුණු ඔලු ඇති උන් රොත්තට සිග්මන් ෆොයිඩ්වත් අත්හැරීමට නොසිතුනේ "මනෝ විශ්ලේෂණ" කියවා මට පිස්සු වැහී ඇති බවට නිගමනය කරමින්වත්ද,?
ආක්රමණිකයින්ට අදෝනාවලින් ඇති ඵලය කිම???????
එබැවින්, උන් "සෝවියට් කිවියෙකුගේ ස්වයං චරිතාපදානයත්" වියන්ගොඩයන් මහත් පරිශ්රමයෙන් සිංහලයට පෙරලූ "කරුමක්කාර කථාව"ත් නැතිභංගස්ථාන කර එතැනින් බඩවඩාගෙන තරවී, අල්ලපු පොතටද නැග තිබුණි.
මේ සෙරම අස්සේ උන් කෙලවරක් නොමැතිව "දාස්දල සුගන්ධය" උරා බී හප කොට, Shakespeare විසින් මහා ආන්දෝලනයක් මැවූ "වැනීසියේ වෙළෙන්දා"වද කීතු කීතු කොට තිබුණි. මිලාන් කුන්දේරා ළග පාතක උන්නේනම් ඔහුගේ "කොලොප්පමට" උන් මෙතරම් හදියක් කළේ ඇයිදැයි නිරායාසයෙන්ම අසනු නොඅනුමානය......
වෙච්ච දේ උණා
මම හිත හදාගන්නට වෙහෙසෙමින් සිටියෙමි.
මට එහෙම තත්පරයක් ඉන්න උනේ නෑ. මගේ සන්තානය නතරවෙයි කියන බයට, මිනිහ මැරුණ ගෑණි වගේ මට අඩන්න සිද්ධ උණා. ස්ත්රී ශරීර කූඩුවෙ තියෙන රසවත්ම ස්ථානය විදිහට නම් කරපු භගමණිය හොයාගත්ත
"ව්යවච්ඡේදකයා" උන් එල්ලා........
Andahaziගෙ හිතේ පහල වෙච්ච, බවලත් උදවිය ඔටෝ සතුටුවෙනවයි කියන රහස හොයාගත්ත
"ව්යවච්ඡේදකයා"ට මේ අපරාදෙ කළේ උන් Gay නිසාවත්ද කියලත්, රීරි යකාගෙ මල්ලිව වැහිල හිටිය ඒ වෙලාවෙ මට හිතුනා.
-------------------@$%^^%&^*&(
පාන්දර 3 වෙද්දි මම වෙහෙසින් හා කලකිරීමෙන් පීඩිතව සිටියෙමි. හිට්ලර් යුදෙවුවන් හට කළාසේ, මාද උන් සියල්ල ගෑස් බට වෙත යොමු කළෙමි.
පලිගැනීමේ උච්චතම අවස්ථාව!!!!!! සමූල ඝාතනය
අහිමිවූ මාගේ වස්තුව නැවත මා සතුකරගමි. එහෙත්,
ඒ කිරිවේයන්ගේ උදර පෝෂණය උදෙසා නොව මාගේ මොළය පෝෂණය කිරීම උදෙසා පමණකි.
July 2014
No comments:
Post a Comment