19 December, 2016

මං ගැන ඇබිංදක් - Little bit of me

කාලෙක ඉදල තිබුණ ආසාවක් ඔන්න ඉතින් මම ඉෂ්ඨ සිද්ධ කරගන්නයි යන්නේ.
එක අතකට මේකත් හෙන උණක් තමයි.
මොකද ඔලුගෙඩියෙ පිරිල තියෙන කුණු කන්දල් එළියට නොදැම්මොත්
අහල පහල උන්ටත් මගේ මේ පිස්සුව බෝ වෙනවානේ
කොහොමත් ඉතින් මම ඉස්ඉස්සෙල්ලාම මාව අදුන්වලා දෙන්නම්කො

මම.... මම.......
මම මොකාද කියල මමවත් දන්නේ නෑ ඕන් ඇත්තම කිවුව
හැබැයි පොඩි එකී කාලෙ ඉදලා මේ දැන් ගෙවන තත්පර කෑල්ල එක්ක ගනන් හදල බලපුවාම
මෙන්න මේ වගේ හැදින්වීමක් දෙන්න පුලුවන්

වැරදි වෙලාවක
වැරදි කාලෙක
වැරදි තැනක
වැරදි ලිංගිකයෙක් විදිහට
ඉපදුන එකෙක්....... නෑ එකියක්

මේ කාරණා හේතු භූත කරගෙන
නිතර ඇදගන්නාවූ නා නා විදි ජල්තර සමග
රසවත් කාරණා මහ ගොන්නක් අතින් අරගෙන
මේ මම තාමත් ජීවතුන් අතර ගරක් ගහමින් ඉන්නවා

ඉතින් ඔයාලට මගේ මේ අපමණ වූ කාරණා වලින් ඩිංග ඩිංග රසවිදින්න දෙන්නම්

April 2014

No comments:

Post a Comment