කෝච්චියෙ අපි හිරවෙලා
සීඝ්‍රගාමියක් හංදා කොයිතරම් පැද්දුනත්
කවුරුවත් විසිනොවෙන තරමටම.
එයාල ආදරවන්තයො වෙන්ටැ
කිටි කිටියෙ පැටලිලා
දෙන්න අතර දුර දසමෙටත් අඩුයි
මට පස්ස හරෝල කොල්ල
කොල්ලට පස්ස හරෝල මං
එකපාරටම..................මගෙ
හොදට මිරිකුවා පස්චාත් භාගෙ
හැරුණ මම අංශක 45ක්ම
දෙන්ඩ උගෙ මූණටම
අපොයි මහ විනාශයක්
ගත්ත අත සුටුස්ගාලා
වැරදිලා කෙල්ලට මිරිකිලා
කොල්ල ගැන දුකයි මට
අපරාදෙ උගෙ චාන්ස්එක
16th July 2014
No comments:
Post a Comment