Moondram Pirai 1982 ඉන්දියාවේ නිෂ්පාදනය වූ අමුතු මාදිලියේ චිත්‍රපයටක්. ශ්‍රී දේවී හා කමල්හසන් රංගපෑ මෙම චිත්‍රපයට බාලු මහෙන්ද්‍රන්ගේ අධ්‍යාක්ෂණයක්. සංගීතය ඉලයරාජාගේ. මේ චිත්‍රපටය 1983දී හිංදි භාෂාවෙනුත් නැවත නිෂ්පාදනය කළා. චිත්‍රපටයේ කියවෙන්නේ තනිව ජීවත්වන ගුරුවරයෙකුට retrograde amnesia තත්වයෙන් පසුවන තරුණ කාන්තාවක් හමුවීමෙන් ඇති වෙන සිදුවීම් පෙළක් ගැන. මේ රෝගයට අනුව රෝගියාට ළදරු මානසිකත්වයක් ඇතිවෙනවා. කාන්තාවට මේ තත්වය ඇතිවන්නේ ඇය මුහුණදෙන රිය අනතුරින් පසුවයි. මේ තරුණයා ඇයව රැකබලා ගන්නවා. ඇයට ආදරය කරන්නට පටන් ගන්නවා. ඒත් චිත්‍රපටයේ අවසානය ඛේදවාචකයක්!
කෙසේ වෙතත් චිත්‍රපටය ආදායම් වර්තා තබනවා. සම්මාන රාශියක් ශ්‍රී දේවිගේ රඟපෑමට වගේම කමල්හසන්ගේ රංගනයටත් ලැබෙනවා.
මේ චිත්‍රපටයේ එන Poongaatru - Moondraam Pirai ගීතය හරිම සුන්දරයි.
චිත්‍රපටයේ හුවාදක්වන්නට නොහැකි සමහර හැඟීම් එලිදක්වන්නට මේ ගීතය අධ්‍යක්ෂකවරයා විසින් යොදාගෙන තිබෙනවා.
මෙහි හිංදි චිත්‍රපටයේ එන ගීතය වන්නේ Aye Zindagi Gale Laga Le. සමාන දර්ශනරූප වලින් දැක්වුවත් ගීතවලින් නගන්නේ වෙනත්ම ආකාරයේ හැඟීම්.
වසර 33 පසුව මේ ගීතය Dear Zindagi නම් චිත්‍රපටයට නැවත යොදාගෙන තිබෙනවා. චිත්‍රපටය මුදාහැරීමට දින දෙකකට උඩදී මූල්‍ය පරමාර්ථය සහ ජනප්‍රියත්වය උදෙසාම මෙම ගීතය Dear Zindagi චිත්‍රපටයට යොදාගත් බවයි පැවසෙන්නේ.
අදහස පැහැදිලියි. ගීතය තවමත් වටිනාකමින් ඉහලයි.
//ජීවිතය, මා වැළඳගන්න. බලන්න. මම ඔබගේ සියලු කම්කටොලු වැළඳගෙන.
එහෙම නේද? ඉතිං ඔබත් මා වැළඳගන්න.
ඇසේ පිරුණාවූ කඳුලු ඇස් පිහාටු නම්වූ වේලයෙන් වසන් කර සිටිමි. ලෝකයාට හොරෙන් නිහඬවම.
ජීවිතය මට ඔබේ සහාය ලැබිණි. ජීවිතය, මා වැළඳගන්න.
මගේ දෑසට පොඩි සෙවනක් ලැබී ඇත. (ලෝකය කටුක එළියෙන් පිරී ඇති බැවින්)
මගේ හදවත ඒ පුංචි කඳුලු බිදු දෙකෙන් පුරවාගතිමි.
යන්තම් වෙරළක් හමුවූවායැයි ඉන් සිතමි.
ජිවිතය මා වැළඳගන්න//.
පින්තූරයේ ඇත්තේ Moondram Pirai චිත්‍රපටයේ අවසන් ජවනිකාවයි. climax of the movie.
No comments:
Post a Comment