19 December, 2016

අපේ කාලෙ ගැජට් ළමයි - Modern gadget kids

උදේට ළමයා ඉස්කෝලේ යද්දී,
අංක 3ක් ගතහැකි දුරකථනය, වෝකි ටෝකි එකක්, සෙන්සර් එකක් වගේ දේවල් බෑගයට දමන අතරම,,,,, (සමහර ගැජට් ඇගට ගහන්නත් වෙනවා)
"අදුරන්නැති උන්ට අහවල් පාර්ට් අල්ලන්න දෙන්න එපා,
දන්නැති උන්ට කථා කරන්ට එපා, නොදන්න උන් එක්ක හිනා වෙන්න එපා,
ලොකු ළමයි ළගට යන්න එපා, යාලුවන්ට ඉනෙන් පහල අතගාන්ට දෙන්න එපා,
කලිසම ගලවන්නේ බලාන'', වගේ එ‍කී මෙකී නොකී අවවාදානුශාසනාවලින්
ළමය හෙම්බත් වෙලා....
යුරෝපීය රටවල දෙමාපියන්
එයාලගේ ළමයින්ට, බාල වයසේ ඉදන්ම ලිංගික අධ්‍යාපනය දෙනවා.
ඒ පාස‍ලේ කථාකරන දේවල්වලට අමතරව.
ඔවුන්, කිසිදු විරුද්ධ ලිංගිකයෙකුගෙන් තමන්ගේ දරුවන් රැකගන්න
අපි ගන්න වෙහෙසනම් විදින්නේ නැතුව ඇති.
100% නිදහස වගේම, රැකවරණයට අවශ්‍ය දැනුම සහ උපාංග
(ලංකාවේ අපි දෙන උපාංගනම් නෙවෙයි)
ඒ ළමුන්ට දෙමාපියන්ගෙන්ම ලැබෙනවා.
මහා ලොකුවට කයිය ගැහුවට, තාමත් pharmacy එකකට ගිහින්
කොන්ඩමයක් ගන්නට හෝ p2 එකක් ගන්නට
ඇඹරෙන පිරිමි ගැහැණු කොතරම් ඉන්නවාද මේ අපේ රටේ?
කොහොමත් ඔයින් එකක් හැමෝටම ඇහෙන්න කඩේකින් ඉල්ලුමත්
හතර අතේ උන්ගේ මූණු වෙනස් වෙන එකත් දරන්ට එපැයි.
සදාචාර කථා කියමින් බොරු මාන්නය පැත්තකට දමලා
පිට රැටියන්ගේ "අගය කළ හැකි දේවල්" වලට පුරුද්දක් ඇතිකරගන්නට
මේ ඇටේ ඉන්න හුගාක් ඈයෝ තාමත් සූදානම් නැහැ.
ඒ උනාට අපි හෙන forward වගේම හෙන social කට්ටිය නෙහ්

October 2016

No comments:

Post a Comment