19 December, 2016

පෙම් ඉසව්ව - Love coner


මගේ ප්‍රිය මිත්‍රයෙක් කලකට පෙර සංචාරයකට ගොස් පැමිණියේය. පැමිණි දිනයේ මම ඔහුට කිට්ටු කර “කොහොමද ගමන” යැයි ඇසීමි.
හේ හිස අතගසා ගත්තේය. “ගැහැණුත් එපා උනා. සෙක්ස් ඕනෙම නෑ කියලා හිතුණා. ආයේ පතායා නම් යන්නේ නැහැ”. ඔහු තමන්ගේ ආසනයෙන් නැඟිට උක්කුටියෙන් වාඩි වී එක අතක් දික්කරගෙන “ඒ ගෑණු මෙහෙම පාරෙ දෙපැත්තේ ඉඳගෙන අඬගහනවා. එක එක ගෑණු. ගෑණු වගේ මිනිස්සු. අපොයි මචං” යැයි කියද්දී අපට සිනාව නවතා ගැනීමට නොහැකි වීය.
ඕනෑම දෙයක් තහනමට ලක්කරන විට එහි අගය සහ වුවමනාව මිනිසුන්ට තදින්ම දැනීමට පටන් ගැනීම මිනිස් ස්වභාවයයි. නිදහස්ව දෙයක් ලබාගැනීමට නොහැකි වන කළ හොරෙන් ලබන්නට හෝ බලහත්කාරයෙන් ලබාගැනීමට හෝ මිනිසුන් පෙළඹෙන්නේ මේ මානසිකත්වය සමනය කරගැනීමට නොහැකි වන විටයි. ලිංගික ක්‍රියාවලියත් සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයක් ලෙස ගැනිය යුතුවෙයි. එය අපිට බඩගිනි වෙනවා හා සමාන දෙයකි. තවකෙකුට එය නානවා වගේ දෙයකි. තවකෙකුට එය තවත් එදිනෙදා පුරුදු ගොන්නෙන් එකක් හා වැනිවෙයි. එහෙත් මේ කර්තව්‍යයට මෙතරම්ම හිරකිරීම් බාධක ඇතිකිරීම නිසා ස්වභාවිකත්වයෙන් ඔබ්බට ගොස් මිනිසුන් පීඩා සහිතව තමන්ගේ එක්තරා අවශ්‍යාතාවයක් දැඩි පාලනයක් යටතේ තබාගැනීම නිසා සමාජයේ අනවශ්‍ය ගැටළු පැන නැගී ඇතිබව පෙනී යයි. පරිසරයෙන් ඇති පදම් උත්තේජනයන් ලබා දෙමින් හැඟීම් උලුප්පන අතරම, උලුප්පන ලද හැඟීම් පිට කිරීමට නිදහස් මඟක් නැතිකමින් පීඩනයට පත්වන මිනිස් හැඟීම් කලක් ඇවෑමෙන් සටන් කිරීමට පෙළඹෙයි. නිසි කළ නිසි පරිදි නැගී එන හැඟීම් නොව බලහත්කාරයෙන් ඔබ්බවන ලදුව පැන නගින්නාවූ හැඟීම් ගොන්නකි ඒවා. චත්‍රපටි මගින් හෝ වේවා, නිවේදන මගින් හෝ වේවා, නානාප්‍රකාර වෙබි පිටු මගින් හෝ වේවා මේ පුප්පන ලද්දාවූ අතිශය ඕලාරික හැඟුම් පිටතට පැන ගත නොහී මිනිස් සන්තානය තුළ කාබයිට් ගසා ඉදවන ලද පලතුරු මෙන් පැසවමින් තිබෙයි. ඉදින් අපි වක්කඩ වසා දමා බලා සිටිමු. ඒ අස්සේ ආගම නැමැති අමුඩයද සස්කෘතිය නැමැති සුදු රෙදිකඩද ලබා දී ඒවා හිරකොට හැඳ ගැනීමටද බල කරමු. ඉන්පසුව ලිංගිකව දූෂණය වූවන්ගේ පින්තූර වලින් වෙබ් පිටු පුරවමු. ලිංගික හානිය රසකරිමින් පත්තර පිටු පුරවමු. පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමෙන් සිදුවන යහපතක් ඇත්ද?
මුලින්ම කළ යුත්තේ ලිංගික අද්‍යාපනය පාසලෙන් පටන් ගැනීමය. එය නිසි පරිදි සිදු කළ යුතු වන අතර සියලුම පාසල් සමසේ ලා සැලකිය යුතුවෙයි. එසේම සියලුම මාධ්‍යන් යොදාගනිමින් ලිංගික අධ්‍යාපනය කුදු මහත් ජනතාව වෙතද ලබාදිය යුතු වෙයි. විරෝධය පා කෑ ගසන්නන්ට ඉඩහසරක් දිය යුතුව ඇත්තේ ඔවුන්ටද ජනප්‍රිය වීමට ඉඩක් ලබා දිය යුතු බැවිනි. එසේම වැඩියෙන් කෑ ගසන්නෝ වැඩියෙන් පීඩිතයෝ වැන සටන් පාඨයද ගෙන යමින් මෙය පහසුවෙන්ම කරලියෙන් අතුගා දැමිය හැකි වන්නේය. එහෙත් ඉන් නොනැවතී තවත් යමක් කළ යුතුවෙයි.
බෞද්ධ රාජ්‍යක් වුවද මෙරට තුළද ලිංගික කලාපයක් ඇතිකළ යුතු කාලය පැමිණ තිබේ. එම කලාපය තුළ සියලු ලිංගික කටයුතු සඳහා පූර්ණ අවසරය සහ නිදහස ලබාදීම වටියි. සියලුම වෘත්තීමය ලිංගික සේවාවන් වලින් එම කලාපය ආඩ්‍ය කිරීමත් කළ හැකිවෙයි. ඒ සඳහා නියමිත මිල නියම කිරීම වෘත්තිකයන්ගේ සංගමයක් මගින් තීරණය කිරීමට ඉඩ හරසක් සැදීම යුතු කමකි. එසේම එම වෘත්තීයන්හි නියැලෙන්නන්ගේ සෞඛ්‍ය මට්ටමද ඉහල තලයෙන් තබා ගත යුතු වන අතර එම කලාපයේ නියුතු සේවක සේවිකාවන්ට අවශ්‍යය සමාජ තත්තවයද ලබාදිම අනිවාර්ය වන්නේය. අදාල ලිංගික කලාපය පාසල් හෝ කිසිදු ආගමික සිද්ධස්ථායක් හෝ එවැනි පොදු පහසුකම් සලසන්නාවූ ආයතනවලින මුක්ත කලාපයක් කිරීම මගින් බොරු කෑකෝ ගැසීම්වලින් ගැලවීමට හැකියාව ලැබෙයි. රටේ අනෙකුත් පලාත්වලින් මෙම කටයුතු හැකිතාක් අවම කළ යුතු වන අතර ලිංගික හිංසනයට එරෙහිව දැඩි දඩුවම් පැමිණවිය යුතු වන්නේය. (නීතියේ සාධාරණත්වය ගැන අපි කථා නොකරමු)
මෙ මගින් ගැටලු සියල්ල සුටුස් ගා විසඳී නොගියද සියයට ප්‍රමාණයකින් හෝ සහනයක් ලැබිය හැකි වෙයි. කිසිවක් නැතිකළ කුමක් හෝ තිබීම සහනයකි. එවිට අල්ලපු ගෙදර අහවල් මහතාත් මේ ගෙදර අහවල් මහතාත් මේ කාලාපයේදී හමුවීමට ඇති ඉඩ කඩ බොහෝය. එක්කෝ හායි මචන් කියාගෙන මාරු විය හැකිය. නැතහොත් නොදන්නා තාලයට මග හැරද ගිය හැකිය. ගැටලුවක් නැත. කේලම් කියන්නට ගියහොත් මුලින් නහින්නට වෙන්නේ තමාට බව දත යුතුය. එවිට කාන්තාවන්ට වුවද විලිබිය දරා ගනිමින් මුහුණු පොතේ පිරිමින්ට හෝ ගැහැණුන්ට එක එක බෝල් පාස් කරමින් ‘කාරණාවට’ උත්සාහ කරන්නට උවමනා කරන්නේ නැත. කලාපයට යන්නේම තමන්ගේ උවමනාවන් සරිකරගන්නට බැවින් අවශ්‍ය දේ තෝරාබේරාගෙන සැනහී පැමිණ, නාකියා ගැනීමට හොඳටෝම ඉඩහසර තිබේ.
එහෙත් ලැබෙන දෙයින් උපරිම ඵල ලැබාගැනීම පසෙකලා එය ඉහගෙන කෑමට ලාංකිකයන් ප්‍රකට බැවින් ගෙදර සියල්ලෝම අදාල කලාපයේදී හමුවීම සම්බන්ධයෙන් වගකීම තම තම නැණ පමණින් බේරා ගත යුතුය.

August 2016

No comments:

Post a Comment