දියුණු රටවල දේශපාලඥයා යනු යම්තාක් දුරකට වැදගත් පහේ රැකියාවකි. කොටින්ම එය වයිට් කොලර් ජොබ් එකකි. ඒ නිසාම එයට අදාල වෘත්තීමය සුදුසුකම් තිබේ. අදාල වේතන සහ එම රටට අදාල නීති රෙගුලාසි එම තනතුරටද එකසේ බලපැවැත් වේ. මේ නිසාම එම වෘත්තිය තෝරාගන්නා පිරිස සුදුසුකම් ලත්තෝ වෙති. ඔවුහු තම රැකියාව නිවැරදිව ඉටු කරති. ඒ සඳහා නිසි වේතනය ලබති. තමාට අදාල වරප්‍රසාද භුක්ති විඳිති. සතුටුදායක සේවයක් නැතිවිට ඉල්ලා අස්වෙති නැතහොත් ධූර කාලයෙන් පසුව රැකියාව හැරපියා සතුටින් යන්නට යති. වෙනත් රැකියාවක නියුතු වෙති. තනි ඉරකින් මෙය මෙසේ නොවුනත් සාමාන්‍ය තත්වය වන්නේ එයයි.
එහෙත් මෙරට දේශපාලඥයා යනු සමාජසේවකයෙකි.
සමාජසේවය යනු රැකියාවක් නොවන බැවින් ඒ සඳහා ඕනෑම පුද්ගලයෙක්හට ඉදිරිපත් විය හැකිය. කිසිදු සුදුසුකමක් ඊට අදාල නොවේ.
ජනතාව වෙනුවෙන් සමාජසේවය කිරීමට දිවා රෑ නොබලා වෙහෙසෙන බැවින් ඔවුු්න්ට විශේෂ වරප්‍රසාද ලබාදිය යුතුවේ.
එසේම සමාජ සේවකයා වේතනයක් නොලබන බැවින් කැමති පරිදි ඉපැයීමේ මං සාදාගැනීමේ අයිතිය සහ බලය ඔවුන් සතුවේ.
සමාජසේවයේ කෙලවරක් නොමැති බැවින් ධූරකාලය අවසන්ව යාමට අවශ්‍යතාවයක් නැත. මැරෙන තුරු ජනතාව වෙත කැපවීම ඔවුන්ගේ එකම අභිලාෂයයි. අතරමගදී වෙන අලකලංචි ගනන් ගත යුතු නොවන්නේ සමාජසේවකයා අතිනුත් වැරදි සිදුවන බැවිනි.
ඔවුන් ගහ මරා ගනිති, විලි ලැජ්ජා නැති වැඩ කරති. සියල්ල කැප කරති.
වෙන කිසිවක් නිසා නොව ජනතා සේවය වෙනුවෙන්ම පමණි.

ඉදින්
අපි අපිටම අනුකම්පා කරගනිමින් බලා සිටිමු.
නැවතත්, නැවත නැවතත්
දේශපාලඥයන් නම්වූ සමාජසේවකයන් අපි වෙනුවෙන් වෙහෙසෙන හැටි.

No comments:
Post a Comment