මම මේ කියන්නේ මගේ ජීවිතේ ස්වර්ණමය යුගය ගැන
ඒ කියන්නේ 2005-2006 අවුරුද්ද ගැන.....
ඊට කලින් මම කරමින් හිටපු රස්සාව......ඒක නම් එපාම උණා. ඒක ගැන කථාවක් කරලා වැඩක් නෑ ඕන්.
ඒක මේ අසරණ ළමයිගේ සුභ සෙත වෙනුවෙන් කියලා අටවපු මහාපරිමාණ ඇන් ජී ඕ එකක්.
අසාධාරණේ වෙනුවෙන් කථා කොරන්ඩ ගිහින් (හැමදාම කරන තකතීරු වැඩේ)
හිරේ විලංගුවේ නොවැටී, සේරම දමලා ගහලා තමා මම එළි බැහැල ආවේ...
ඔහොම හිතේ අමාරුවෙන් ඉන්නකොටයි මගේ අලුත් රස්සව මට සෙට් උනේ.
ඉංගිරිසි හෝඩියේ ලොකු අකුරු හතරකින් පටන් ගත්ත,
කොළඹ මැදහරියට වෙන්න තිවුන කොම්පැණියක් ඒක.
වැඩේ ත්‍රිල් වගේ දැණුන නිසා මාස දෙකක් දැහැමින් සෙමින් ජොබ් කට්ක කොරාණ උන්න.
එක දවසක් හැංදෑවක මගේ ලොක්ක හදිසි කැදවීමක් කරනවා ඕන්
"හෙට අපි කුරුණෑගල අලුත් වැඩක් පටන් ගන්නව. තවත් කෙනෙක් ඔයාට අදුන්වල දෙන්නම් එන්න හයට"
ඒ දවස්වල ධනාත්මක චින්තනයට මාකට් හැදීගෙන එන කාලේ.
හතු පිපෙනවා වගේ චින්තකයො ආව එළියට. සමහරු දැන් ඇත්තේ නෑ.
මගේ ලොක්කත් එයින් එක්කෙනෙක්. (එතුමානම් තාමත් අල්ලගෙන යනවා සිස්ටම් එක ගානට.)
කොහොමින් කොහොමින් හරි අපි කුරුණෑගලට ගියා කියමුකො.
අර මහා බුදුපිළිම වහන්සෙගෙ සුන්දර මූණත් බලාගෙනම ගියා ශාලාවට.
එතන මහ ගොඩක් ළමයි. අම්මල තාත්තලත් පිරිවරාගෙන. ලොකු වැඩකට අතගහන්නයි ලේස්තිය.
අවංකෙන්ම ජොබ් එකට ඇවිදින් මාස දෙකක් විතරක් හංදා, මටත් ඒ හැටිම ගනිච්චියක් තිවුනෙ නෑ මොකද වෙන්නේ කියලා. මම ඔහේ කියපු දේවල් ටික තිතට කරලා පැත්තට උණා.
වැඩේ යන අතරෙ මගේ ලොක්ක අඩගහල මට ලොකු වැඩක් දුන්න.
හැකර කටක් තිවුණ මට ඒකෙන් ප්‍රයා්‍ෙජන ගන්ඩ චෑන්ස් එකක් දුන්න වගේ එකක් තමයි අදහස් වුණේ.
ඔය අතන මෙතන ලොකු ටෝක් දාල තිවුණට,
ඒ තරං සෙනග ගොඩකට කවදාවත් කථාකරල තිවුනෙ නෑ මං.
අනික වැදගත් යමක්නම් කවදාවත් කියලා තිවුනේ නෑ ප්‍රසිද්ධියේ...
ඒත් ඉතිං ජොබ් එකත් ඕනනේ. ඒ හිංදා මාත් සට සට ගාල වෙව්ලන කකුල් දෙකත් ඇදගෙන ගියා ඉදිරියටම. හදිස්සියේවත් ඇදගෙන වැටෙන්න ගියොත් කියලා ඉස්ටේජ් එකේ තිවුණ මේසෙට හොදට හේත්තු පාත්තු වෙලා ජීවිතේ පලවෙනි වතාවට කථාවක් කළා. මේ මම.
මුලදි තිවුණ අවුල නැතිවෙලා අන්තිමට තඩි කතාවක් කරලාම තමයි පස්ස බැලුවේ.
ඕඩියන්ස් එකෙන් ආව තඩි අප්පුඩියෙන් තමයි සිහිමද ගතිය මගෑරිලා ටිකක් හරිගියේ.
ඔතනින් පටන්ගත්ත කථා කිරිල්ල ඉදිරි වසර පුරාම ඇදිල යයි කියලා මමවත් හිතුවෙනම් නෑ.
ඒ, එළ ටෝකෙන් මාසෙකට පස්සේ කුරුණෑගලට උවමනාවෙන්ම මම ගියා.
මට එලකිරි සගයෙක් එක්ක වැඩ කරන්නයි තිවුනේ.
යන්තම් මට වඩා අවුරුදු දෙක තුනකට බාල පොඩි කෙලි කොලු රොත්තකට (හාරසීයක රොත්තක්)
ඇස් පාදන්නයි අපිට තිවුනේ. උන්ටික කුරුණෑගල වටේම ඉදල ආව අහිංසකයෝ ටිකක්.
උන්ව අපි සෙට් කලේ හොද ජොබකට. ඒ වැඩේ අපි ඉහලින් පිළිගත්තා.
අපි කට්ට කෑවා හොද හැටි. අවු කාස්ටකේ ඉවසන්න බැරුව පිච්චිලා ගියා.
කිවුල් වතුර බොන්න බැරුව අපමණ දුක් වින්දා.
සතියෙ දවස් පහම රෑ වෙනකම් වැඩ කළා. සති අන්තෙත් හොදට නිදාගන්න අපිට ලැබුනෙ නෑ.
එදත් ආවා කුකුල කරේ තියානම.
අපි ළමයි එක්ක කථා කළා. ඒ අහිංසකයන්ගෙ දුක්ගැනවිලි අහගෙන උන්නා
උන් වෙනුවෙන් කරන්න පුලුවන් හැම දේම කළා.
රෑ වෙනකං වැඩ කරලා බස් නැතුව පාරවල් ගානේ රස්තියාදු උණා.
මල රෑ ගෙදර ගියත්,
අනිත් දවසෙත් පාන්දරම ආවෙ, අමාරුවෙන් පංතියට එන අහිංසකයන්ගේ හිත් පාරන්න බැරි හිංදයි.
සමහරු ආවෙ අලි ගහන පැතිවලින්. තවත් අයට වැස්සම එන්නබෑ පාරවල් යට වෙලා. තවත් අය කලින් ගියා
එක්කෝ බස් නෑ. නැත්නම් පයින් යන දුර වැඩි නිසා.
අපි සේරම එකම පවුලේ සාමාජිකයො උණා. එතන ලොකු බිස්නස් එකක් තිවුණත් (ලොක්කො අතර)
අපි ඒක ගැන ඒ තරම්ම හිතුවෙ නෑ. අපි ඉගෙන ගත්තා. අපි විනෝද උණා.
එක එක විදියේ ප්‍රොජෙට් කළා. තරග තිබ්බා. කෝච්චියේ ගිහින් සල්ලි හෙවුවා මාකටින් වලට.
ජීවිතේ විදගන්න බැරුව අඩාගෙන එන උන් එක්ක ඇඩුවා. ජොලියේ උන්න එවුන් එක්ක හිනා උණා.
ඇත්තටම ඒ කාලේ විතර සුන්දර කාලයක්නම් ආයෙ ආවෙ නෑ.
මේක මාස ගානක කෝස් එකක් හැටියට ගියේ. අවසාන භාගයේදී ලොක්කට නොකියාම ඒ කියන්නේ හොරෙන් අපි ට්‍රිප් එකක් ගියා. ඒකතමා ජීවිතේ ගිය හොදම ට්‍රිප් එක.
පේනවනේ කෂ්ටිය. හොද වෙලාවට මම තමා කැමරා රාළ. ඒ හිංදා මං ඔතන නෑ.ඒ කියන්නේ 2005-2006 අවුරුද්ද ගැන.....

ඔය ඉන්නේ අහම්බෙන් අපේ වාහනේට ගොඩ වැදුන සුද්දයියා. හොද අයියා පේනවානේ. අපේ කෂ්ටියත් මදි නොකියන්න ඉංගිරිසියෙන්ම කයිය දාගෙනමයි ගියේ.
මට හිටියා හොද කටකාර කෙල්ලෝ ටිකක්. ඒ වගේම පුදුම තරම් දගලපු කොලු රෑනකුත්. ඒත් උන් හැම එකාම හරිම හොදයි. මේ ඉන්නේ ඒ සෙට් එකෙන් බොහොම ඩිංගක්. මුන්ටික තමා ක්‍රියාකාරීම සාමාජිකයො.
කොහොමින් කොහොමින් හරි අපි අවුරුද්දක්ම එකට උන්නා. ආදර සම්බන්දතා ඕන තරම් තිවුණා. සමහරු ඒ නිසාම අමනාපත් උණා. එක මලට බමරු දෙකත් ඔය අස්සේ නැතුවම නෙවෙයි. දග උනාට බොහොම හිත් හොද පැටවු ටිකක් උන්නා. සංසුන්ව හොදින් ඉගෙන ගත්ත අයත් උන්නා.
අනාත නිවාසයකට කඩා වැදිල අපි දාන උයලම කන්ඩ දුන්නා. මගේ ගෙදර දානෙකට ඇවිල්ලා මහානිසංසයකුත් කරගත්තා. අවුරුදු උත්සවයක් තියලා එළිවෙනකම් හිනා උණා. ඔය අතරෙදි එක පුතෙක් අපි අතරින් අවාසනාවන්ත විදියට සමුගත්තා.
සමහර අය මගදිම නතර උණා. තව සමහර අයට ඉක්මනින්ම රැකියා හම්බවෙලා ගියා. ඉතුරු අය අවසානය දක්වාම හිටියා.
මගේ ජීවිතයේ මම වැඩකට ඇතියි කියලා දෙයක් කළානම් ඒ මේ පැටවු ටිකට මොනවාහරි කියල දුන්න එක තමා. දැන් හුගක් අය දරු මල්ලො ඉන්න අම්මලා තාත්තලා වෙලා. හුගක් අය රැකියාවන්වල ඉන්නවා. ඒ අය බොහෝ දෙනෙක් මට වඩා ඉහල තැන්වල වැඩ කරනවා කියලා දැනගත්තාම දැනෙන සතුට කියලා නිමකරන්න බෑ.
කුරුණෑගල වගේ මැරුණ නගරයක (මට නම් ඒක මළ නගරයක්ම තමා) මම ඒ ගතකරපු අවුරුද්ද
මගේ ජීවිතයේ වසන්ත කාලයයි.
ඒක වෙනස් කරන්නට වසන්තයක් ආයේ ගේන්න බෑ.
ඒ වසන්ත කාලය ගෙනාව මගේ පැටවුන්ගේ මතකය සදා කාලිකයි!!!!!
11th August 2014
No comments:
Post a Comment