19 December, 2016

පොත් ගුලාව - ලිලී මල් තුනේ අවන්හලේදී - At the Sign of the three Lilies

යාන් නෙරූඩා ගේ At the Sign of the three Lilies කෙටිකථාවෙන්
ලිලී මල් තුනේ අවන්හලේදී  පරිවර්තනය කේ. ජී කරුණාතිලක
ලස්සන ඇස් ඇති ගැහැණියක එක පිරිමියකුගෙන් සනසා ලීමට වඩා දරින් ගින්නක් නිවා ලීමත් මුහුදින් ජල පහරක් නවතා ලීමත් ලෙහෙසිය.

ඇනඩෝල්  ෆ්රාන්ස්ගේ Procurator of Judea කෙටිකථාවෙන්
ජුදයාවේ රෝම අධිකාරී පරිවර්තනය කේ. ජී කරුණාතිලක

අප නොදන්නා අනාගතයක් ගැන බියක් හෝ බලාපොරොත්තුවක් නොතැබීමෙන් ඔබ කරන්නේ නිවැරදි වැඩක්. මතු කාලයේදී මිනිසුන් අපි ගැන කුමක් සිතුවත් අපිට ඉන් මොන පලක් ලැබෙයිද? අපි අපේම ජීවිත එළි පිටම අත් දකිනවා. ඒ පිළිබඳව හොඳම විනිශ්චය කාරයෝද අපිමයි. ඇත්ත වශයෙන්ම දයාව මිනිසුන් පාලනය කිරීමේ ආයුධයක් නොවෙයි. 
රෙනේ බසාං ගේ La Response du vent කෙටිකථාවෙන්
සුළඟේ පිළිතුර කුමක්ද? පරිවර්තනය කේ. ජී කරුණාතිලක

අප ආදරය කරන දේවලට අප සාද කල්හිම බැඳ තබන අබිරහස් ජනක බැමි හෝ වර්තමානයෙහි අප වෙත රැඳී පවතින අතීත රාව ප්‍රතිරාවයන්  හෝ කුමන ඒවාදැයි අපි නොදනිමු.

මක්සිම් ගොර්කිගේ An Autumn Night කෙටි කථාවෙන්
ශරත් ඍතුවේ රාත්‍රියක් පරිවර්තනය කේ. ජී කරුණාතිලක

අපේ සංස්කෘතියේ වර්තමාන තත්ත්වය අනුව, මානසික හාමත කායික හාමතට වඩා ඉක්මනින් තෘප්තියට පත් කළ හැකිය

August 2016

No comments:

Post a Comment