19 December, 2016

පොත් ගුලාව - චාලි චැප්ලින් - Carly Chaplin



කෙසේ වෙතත් ජීවිතය යනු අපට මඳ නැවතීමක් ලබාදෙන අරගලයකට යෙදෙනා වෙනත් වදනකි. ආලය පිළිබඳ ගැටලුව නොවන්නට ජීවිතය යනු මුළුමනින්ම වෙනස් දෙයක් වනු ඇත්තේය. සාර්ථකත්වය යනු ඉතා ආශ්චරයමත් දෙයකි. එහෙත්, සාර් ථකත්වයේ වර් ධනයත්  සමඟ එහි ගැබ්ව ඇති ජනප්‍රියත්වය හා අලංකාරත්වය රඳවා ගැනීමේ උත්සාහයේ ප්‍රබල බවෙහි ආතතියට ලක්වීමට සිදුවෙයි. කෙසේ හෝ වේවා මා සම්බන්ධයෙන් ගත්කල මට සැනසිල්ලක් දුන්නේ නිරන්තරව වැඩ කිරීමයි

චාලි චැප්ලින් - මගේ දිවිසැරිය
පිටුව 314
-------------------------------------------------------------

එතකොට ඉතිං චරිතාපදානයක් කියන්නේ පාක්ෂිකා වාරණයට ලක්වෙච්ච පුවතක්නෙ. චාලි චැප්ලින් එමිල් ලුඩ්විග්ගේ අදහස විමසන විට ඔහුගේ පිළිතුර වූයේ
ඕනම කථාවක සියේට හැට පහක් විතර කවමදාවත් කියවෙන්නේ නෑ. මොකද ඒකට අනෙක් උදවියත් පැටලැවෙන නිසා
චාලි චැප්ලින් - මගේ දිවිසැරිය
--------------------------------------------------------------

සෑම මිනිසෙක්ම ඔහු ආදරය කරනා වස්තුව ඝාතනය කරයි
ඔස්කා වයිල්ඩ්

---------------------------------------------------------------

සදාචාර දෘෂ්ටිකොණයක පිහිටා මම ඕලාරික ලිංගික දර් ශනයන් තරමටම ශාරීරික හිංසනය හා ව්‍යාජ දර්ශනවාදයන්ද හිනිකර යයි විස්වාස කරමි. බර් නාඩ් ෂෝ වරෙක පැවසුවේ තක්කඩියකුගේ හක්කට දමා ඇනීම ජීවිතයේ ප්‍රශ්න විසඳීමට ඇති ඉතා පහසු මගක් බවයි.
-------------------------------------------------------------

ගැහැණු කියන්නේ යථාර්ථවාදී ඒ වගේම භෞතික කාරණා විසින් පාලනය කරනු ලබන වර් ගයක්
August 2016

No comments:

Post a Comment