මා විසින් ඇති දැඩි කරනු ලබන්නේ පොෂ් බල්ලෙකු නොව පාරේ අතැර දැමූ බල්ලෙකි. නැත. ඇය බැල්ලකි. එයත්, මාගේ පුත්‍රයාගේ "මහා කාරුණික" හදවත උා දැක උණුවී, දියවී ගොස් උස්සාගෙන ආ බැවින්, මට "එපා" කියන්නට බැරිවීම නිසා ගෙදරට වද්දාගත් එකියකි. මාසයකට පසුව මහා නම් කන්දරාවක් අත්හදා බැලීමෙන් පසුව අවසන ඇය "මිකී" නමින් බෞස්ම කරණු ලැබීය.
ගැණිය නොහැකි තරම්වූ වැඩගොඩකට යටවී, හිරවී බාගෙට රොබෝවක්ව ඉන්න මා හට, මේ "බලුවැඩ" තවත් එක් හිසරදයක්ම විය. කුඩම්මා සැලකිල්ලක් නොදැක්වුවද කෙසේ හෝ උගේ නම ඡන්ද නාමලේඛනයට නොයවා ඉඳීමට මම තරයේ අදිටන් කරගෙන සිටියෙමි.
බැල්ල කාලයත් සමඟ අලුබලු ගසාදමා නැගිට්ටාය. වදෙන් පොරෙන් කුදලාගෙන ගොස් "වාසෙත්තමියක්" (දැන් වෙන වෙන ඒවා කියන්න එපා ඒකට) කර පශුවෙදාගෙන් විටමින්ද ලියා ගෙනවිත් ගිල්ලුවෙමි. දැන් බැල්ල හැඩය, තිරිහංය, අහංකාරය, මහා ඉසරකුඩිච්චි ගතිවලින් පරිපූර්ණය.
එක්තරා කාලවකවානුවකින් පසුව හදිසියේ බැල්ල මගේ දිවියට මහා අස්වැසිල්ලක් විය. උගේ ලෙන්ගතුකම නැතුවම බැරි දෙයක්සේ විය. අවසන බැල්ල මට "මිකියා" ම විය. ගේ අතුලේ කරග්ගැහීමට අවසරයද ඉබේම හිමි කරත්තීය. මම, මගේ බසින්ද, ඇය අගේ බසින්ද බොහෝ දේ කථාද කළේමු.
දැන්නම් මිකියා ග්‍රාමයියාගේ ලිපිගොනුවලටද ගොස් අවසන්ය. කරුමය වන්නේ උාට බල්ලන් මෙන්ම කොල්ලන්ද වහකදුරු වීමය. පුරුෂයන්ට ලොකුකම් පෑමේ ප්‍රතිථලයක් හැටියට එකෙකු මට රුපියල් 35,000ක වන්දියක් ඉල්ලා පොලීසිද ගියේය. මම ඇගේ පැත්තම ගෙන සටන් කළේමි.
පුරුද්දක් හැටියට උදේට කෑම පිඟානත් කිරි කෝප්පයත් දී ඇයව කූඩුකර ඔළුවට තට්ටුවක්ද දමා මම නිවෙසින් පිටවෙමි. ඇයව සවස 3ට නිදහස් කරනු ලැබෙයි. වත්ත හතරමායිමෙන් එහාටද ගොස් ගනන්කාරකම් පා පුලාන්දේවිය සේ අනුගාමිකයන්ද එකතුකරගෙන සිටින මිකියා, හවස මා පැමිණි පසු දවසේ දුක්ගැනවිලි ඇදබා නඟුට දෙපරන්දේ ගසා නිදයි. ඉන්පසු උා තරම් හොඳ ළමයෙක් පලාතේද සොයා ගැන්මට නැත්තේමය.
June 2016
No comments:
Post a Comment