පොත් ගුලාව - ජනක මහබෙල්ලනගේ කම්මුල් පහර
කාලෙකට පස්සේ ආයෙත් කවි පොතක් කියෙවුවා. වෙනදා නොදකින මොකක්දෝ අමුත්තක් මේ කවි පොතේ තිබුණා. ලංකාවේ කවිකාරයන් කවි සම්බන්ධයෙන් අත්හදාබැලිීම් කරනවා හරිම අඩුයි. ඒවා එළියට එන්නේ ඊටත් වඩා අඩුවෙන්. මට තේරුණ හැටියට ජනක මහබෙල්ලන හොඳ අත්හදාබැලිීම් ටිකක් කරලා තියෙනවා වචන එක්ක. සමහර කවි කියෙවුවම මට ඇත්තටම හිතුනා. ඒවා නම් 'පට්ට කවි' කියලා.
ඔන්න ඔයාලටත් ටිකක් රසවිඳල බලන්න
''අම්මප
මෙහෙවු ජනතාවක්
නැවත
නැවතත්
අපිටම
රැවටෙන''
සිවුවෙනි වරටත්
තම අසුන ජයගත්
පාරිභෝගික ඇමති
සිතුවා එලෙස
දේශපාලක තුමා
කවුද? ඒ
සුදු ඇඳන්
බන කියන
මහත සාදු
අනේ
ඒ තන්
යලිත්
ඇත් තන්
August 2016
No comments:
Post a Comment