සමහර සිහිනයන් වෙනුවෙන් අපට කාලයක් බලා සිටීමට සිදුවීම අරුමයක් නොවේ.
මක්නිසාද යත්, ඒවා එතරම්ම ඉස්තරම් වන බැවිණි. වටිනා කියන බැවිණි.
මහප්‍රාණ සිහිනයන් ගැන අපේ සිතේ තියෙන්නාවූ පැතුම් දියාරුවී යන්නට ඔන්න මෙන්න කියා තිබියදී
හදිසියේ ඒ සිහින ඉටුවීම
ජීවිතය නම් වන්නේය.
කිසිදු පෙර දැණුම් දීමකින් තොරව මා දමාගිය මගේ පලමු පෙම්වතා එනතුරු
මම කලක් එසේ බලා සිටියෙමි.
ඒ නැවත ඔහු පැමිණෙන බවට කිසිදු හෝඩුවාවක් නැතිව තිබියදීමය.....
ආදරය යදිමින් සමාව භජනය කරමින් හේ වසර පහකට පසු මා සොයා ආවේය.
අන්දමන්ද වයස්කාලය පසුකර තිබූ බැවින්, මා කෙලින් කටින් සිටියෙමි.
''අඩුම ගානේ ඔයා වගේ කෙනෙක්වත් හොයා දෙනවද එහෙනම්''.
ඒ පින්සෙන්ඩුව එතනින්ම අහවර විය. මම ඔහුට සිනා සුනෙමි.
වසර 20කට ආසන්න කාලයක් තිස්සේ දකිම්න් තිබූ තවත් සිහිනයක් වියැකීයන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඊයේ පෙරේදා අත්පත් කර ගතිමි.
මම අපමණ ප්‍රීතියෙනි.
සිහින
එකතැන පල්වෙන ජීවිතයට හදිසියේ දෙන මහා තල්ලුවක් වැනිය.
තවත් තියේ
හීන ගොඩක්!!!!!
October 2016
No comments:
Post a Comment