19 December, 2016

ලංකාවේ අපේ සාර රසඥානය ගැනයි මේ - Power of aesthetics of ours

පහුගිය සතියේ බ්‍රහස්පතින්ද මනෝරත්න මහත්මයගේ //හඬ නිහඬ// ත්, සිකුරාද කසුන්+රූකාන්තගේ epic series එකත් ඉරිදා //ගුරු තරුවත්// බලපු මට ලංකාවේ ඇත්තටම විඳීමේ culture එකක් තියෙනවද කියලා හිතුනා. එහෙම එකක් හදලා නැත්නම් හැදිලා ඉන්න උන්ගෙන් බලාගෙන අහගෙන හැදෙන විදිහක්වත් නැති එක ගැන ඇත්තටම ආවේ කලකිරීමක්.
කවදත් ලංකාවේ අෑයො වෙලාවටම වැඩ කරන අය නිසා කලාකටයුතුත් ඒ වගේමයි. //හඬ නිහඬ// පටන් ගන්න තිබුනෙ 2.30 ට. නාට්‍ය පටන්ගත්තෙම 3.10ට. දැනගන්නට ලැබුණ විදිහට මනෝරත්න මහත්මයාමයි පමා වෙලා තිබුනේ. epic series එක පටන්ගත්තේ පැයක් පමා වෙලා. ඒකත් අනුග්‍රාහක දැන්වීම් දාලා දාලා මිනිස්සුන්ගේ උනන්දුව බිංදුවට බස්සලාමයි වැඩේ පටන් ගත්තේ. //ගුරු තරුව// පටන්ගත්තේ පැය භාගයක් පමා වෙලා. කොහොමත් ඊ ළඟ දවසේ මේ වගේ දේකට යනවානම් පැය භාගයක් පමා වෙලාට ගියාට කිසිම අවුලක් නැහැ.
ඉන්පස්සේ mobile phones මේනියාව. කෙනෙක් දෙයක් විඳින්න එන්නේ ඒක විඳින්න සූදානම් වෙලා. සමහරු තාම දන්නේ නැහැ phone එක Silent mood කියලා දෙයක් තියෙන බවවත්. ඉතිං අර ලෝකෙ තියෙන හිංදි සිංහල ඉංග්‍රීසි සිංදු සේරම මහා හයියෙන් කෑගානවා මුලු ශාලාවටම ඇහෙන්න. ඒ අටමගලයත් අරගෙන එක්කෝ නැගිට නැගිට එළියට යෑමත්, නැත්නම් එතනම ඉඳලා කුටු කුටු ගෑමත් නිසා වටේ ඉන්න හැම එකාටමත් බාධාවක්. පැයක් දෙකක් දුරකථනයක් නැතුව ඉන්න බැරිතරම් කාරිය බහුල මිනිසුන් මේ වගේ දේවල්වලට සහභාගී නොවී ඉන්නවානම් ඒකත් කලාවට කරන ලොකු සේවයක් ඇත්තටම.

මනෝරත්නයන්ගේ //හඬ නිහඬ// නාට්‍ය අස්සේ සංවිධායක මණ්ඩලයේ උන්න කාන්තාවක්, නාට්‍ය රඟදැක්වෙන වෙලාවෙත් එතන උන්න ආරාධිතයන්ට නැගිට නැගිට කථා කරන්න ගැනිල්ලත්, වටේ ඇවිදින්න පටන් ගැනිල්ලත් නිසා එකම විකාරයක් උනා. ඇයටනම් නාට්‍ය රසවින්දනය කියන එකක් ජීවිතේට විහිළුවටවත් අහලා නැතුව ඇති. සංවිධායකයන් මේ වගේනම් අනෙක් මිනිසුන් මොනවා කළත් කිසිත් කියන්නට බැරිතැනට අපි පත්වෙන එක අහන්න දෙයක්යැ.
//ගුරු තරුව// නාට්‍ය ළමයි ඇඬිල්ල නිසා මගදි නවත්වන්න උනා. ඇත්තටම කුඩා ළමුන් මේ වගේ දේවලට ගෙන ඒමෙන් ඒ ළමයින්ට විතරක් නෙවෙයි අරගෙන එන වැඩිහිටියන්ටත් අනෙක් පිරිසටත් මහා හිසරදයක්. තාමත් වැඩිහිටියන් ඒක තේරුම් අරගෙන නැති එක පුදුම සහගතයි.
මේ හැම දෙයින්ම මටනම් තේරුම් ගියේ ලංකාවේ බොහොමයක් සහෘදයන් තාමත් කලාව විඳගන්න තරම් බුද්ධිමත් වෙලා නැහැ. ඔවුන්ට කලාව විඳින්නවත් අනෙකාට විඳින්න ඉඩක් ලබාදෙන්න තරම් හැඟීමක්වත් නැතිවීම හරි අඩුවක්. සංයමයක් දැහැනක් නැතුව කලාව විඳගන්න බැරි වගත්, ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්නට අවශ්‍ය බවත් සේරටම කලින් උගන්වන්නම වෙනවා ලංකාවේ ඈයන්ට.

July 2016

No comments:

Post a Comment