“සනම්” යනු ඉන්දියාවේ දැනට සිටින ඉහලම පෙලේ POP Rock කාණ්ඩයේ සංගීත කණ්ඩායමකි. සනම් පූරි (ප්‍රධාන ගායනය), සමර් පූරි (ලීඩ් ගිටාරය හා ගායනය), වෙන්කි S නැතහොත් වෙන්කට් සුබ්‍රමනියම් (බේස් ගිටාරය සහ ගායනය) කේෂව ධන්රාජ් (ඩ්‍රම්ස් හා ගායනය) යන සතරදෙනාගෙන් සැදුම් ලත් “සනම්”, ඉන්දියාවේ ගීත කලාවට නව අරුතක් සපයමින් සිටිති. කණ්ඩායම් සංගීතය ඉන්දියාවේ නැවත ප්‍රචලිත කිරීමේ පුරෝගාමීන් ලෙස මොවුන් ඉන්දියාවේදී බුහුමනට පාත්‍රවෙමින් සිටිති. සනම් පූරිගේ මූලිකත්වයෙන් 2010 වසරේදී ඇරඹුණු “සනම්” මේ වනවිට ඉන්දියාවේ ගීත චාට් සෑම එකකම පාහේ මුල් ගීත අතර සිටින ඇමරිකාව එංගලන්තය ඇතුලු බොහෝ රටවල මහත් ජනප්‍රියත්වයක් ඔවුහු ලබා සිටිති. කණ්ඩායමේ Social Media ජනප්‍රියත්වය ඉතාමත් ඉහල අගයක තිබෙන අතර, ඔවුන්ගේ නිල U Tube චැනලයේ දිනක නැරඹීමේ 500K බවට වාර්තා වෙයි.
කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ මූලික සංගීත භාණ්ඩ කීපය මුසු කිරීමෙන් නව සංගීත රටාවක් හඳුන්වා දීමත් පරම්පරා 3කට එනම් සීයා ආච්චිත්, දෙමවුපියන් හා දරුවන් එකට සිට රසවිඳීමේ හැකියාව ඇතිකිරීමත්ය. ඔවුන්ගේ මේ ව්‍යායාමය සාර්ථක බවට හොඳම නිදර්ශනය වන්නේ “සනම්” හි සියලුම සජීවී ප්‍රසංග සඳහා තරුණ මහලු සියල්ලන්ගේම සහභාගීත්වය එකසේ තිබීමය. එපමණක් නොවේ කණ්ඩායම තනි ගීත හඳුන්වාදීමේ රැල්ලක්ද ඇරඹූ අතර එය ගීත ඇල්බම නිකුත්කිරීමට වඩා ඉතාමත් සාර්ථක වී ඇත. මේ වනවිට ඔවුන් ඉංගිරිසි භාෂාව ඇතුලුව ඉංදියාවේ බොහෝ භාෂා වලින් ගීත නිකුත් කර තිබේ.
එපමණක් නොවේ “සනම්” කණ්ඩාමය ඉන්දියාවේ Retro Classic ගීතවලට නව පණක් දීමේ කටයුත්තට ද අතගසා තිබේ. ගීතයේ මූලික සාරයන් වලට හානියක් නොකිරීමට ඔවුන් වගබලාගෙන තිබීම පැසසිය යුතුවේ. මේ කියන්නට යන්නේ එයට හොඳම උදාහරණයක් ගැනයි.
Aandhi චිත්‍රපටය දේශපාලනික උරුවක් ඇතිව නිෂ්පාදනයකළ 1975දී තිරගතවූවක්. එහි අධ්‍යක්ෂක ගුල්සා වූ අතර රංගනයෙන් දායකවූයේ සංජීවූ කුමාර් සමග සුචිත්‍රා සෙන්. චිත්‍රපටයේ සාර්ථකත්වය ගෙන ගියේ එහිවූ මනෝහර ගීත නිසාවෙනි. සංගීතය රාහුල් දේව් බර්මන්ගේ වූ අතර ගායනය ලතා මංගේෂ්කාර් සමගින් කිෂෝර් කුමාර් විය. එහි එන "Tere Bina Zindagi Se" ගීතය ඉතාමත් සොඳුරු ගීයක්. නව නිපැයුම සමගින් “සනම්” කණ්ඩායම.
No comments:
Post a Comment