19 December, 2016

පොත් ගුලාව - හෝ චි මිං ගේ Prison diary

Prison Diary - Ho Chi Minh
සිරගත නොවූ සිතුවිලි - ලක්ශාන්ත අතුකෝරල
වියට්නාමයේ නිදහස වෙනුවෙන් ප්‍රංශයට සහ ඇමරිකාවට එරෙහිව ලෝ ප්‍රකට ගරිල්ලා සටන් මෙහෙයවා වියට්නාමය තුළ කොමියුනිස්ට් රාජ්‍යක් පිහිටවා එහි ජනාධිපති බවට පත්වූ ශ්‍රේෂ්ඨ නායකයා වන හෝ චි මිං, තමා සිරගතව සිටි අවධියේ ලිවූ කාව්‍යමය දිනපොතයි Prison Diary.
නිදහසේ සැබෑ අගයත් තමන්ගේ මිනිසුන් වෙත දක්වපු අපරිමිත දයාවත් සොබාදහම කෙරේ පැවති ලොල් බවත් සිර ගෙදර කටුක බවත් මේ කවි පද වලින් දනවන්නට උත්සාහකර තියෙනවා. දක්ෂ කවියෙක් නොවූවත් තමන්ගේ ඇතුලාන්තය අනෙකාට දනවන්නට හැකිවන අයුරකින් කවි පද ගොතන්නට මේ සොඳුරු ‘මිනිමරුවා’ හැකිවෙලා. ‘මිනිමරුවා’ වරෙක ඔහුව හඳුන්නවන්ට ඔහු විසින්ම යොදාගත් විශේෂණයක්.
මුලින් චීන භාෂාවෙන් ලියවුණත් පසුකාලයේදී භාෂා කීපයකටම මේ පොත පරිවර්තනය වෙලා. මේ පොතේ කවි පන්ති 74 තියෙනවා. තමන්ට එදිනෙදා හමුවුණ සියලුම විශේෂ දේවල් සම්බන්ධයෙන් කවි ලියන්න ඔහු පෙළඹෙන්න ඇත්තේ තමන්ගේ හැඟීම් එළියට දමාගන්න තිබුණ එකම විදිහ ඒක නිසා වෙන්න ඇති.
කවි රසවිඳින්න මහා දැනුමක් මට නැතත් ඒ කවි අස්සෙ තියෙන හැංගිච්ච හැඟීම්වල ඇත්ත ස්වරූපය අත්විඳින්න පුළුවන් කියල මට හිතුනෙ පොත කියවගෙන යද්දි.
'සගයෙකුගේ බටනළාව'
//අසීමිත පිරිපතින් මැළවුණ
එක්තරා හුදකලා බිරිඳක
එතෙර ඉම් දෙස බලා හිඳිනුව
නැගෙන්නී කුළුණකට කිසියම්//
'සිරගත සැමියා බැහැ දැකීම' - මම බොහොම ආදරෙන් කියවු කවියක් මේක
යදඬු වලින් මොබ ඔහුයි
සිටගෙන පිටතින් ඇයයි
දැඟුල් විතරක දුරින්
සිටියත් දෙදෙනා ළඟින්
මිහිතලයත් දෙව් ලොවත්
විලසින් වෙන් වී සිටිත්
කියනු නොහැකි දේ මුවින්
කීමට තතනයි නුවන්
වදනක් දොඩනට කලින්
බිඳු වැගිරෙයි ඇස් අගින්
උන්ගේ දුක්බර පවත්
රිදවනු ඇත ඔබ හදත්
හොඳම උත්ප්රාපසය දනවන කවි පන්තිය තමයි - 'දතකට සමු දීම'
මට දැනෙන විදිහට මින්ගේ හොඳම කවිය තමයි මේක. මාතෘකාව නැතිනම් මේකට කොයිතරම් අදහස් ගොන්නක් අවස්ථා සම්බන්ධයන් සෑහෙන ප්රකමාණයක් පටලන්නට තිබුණද කියලා හිතෙන්නේ මට විතරද?
නැවෙන මොළොක් දිව මෙන් නොව
සවිමත් දරදඬු මිතුරෙකු විය ඔබ මට
බෙදා ගතිමු අද වන තෙක්
පැණි රස වාගෙම තිත්තද
එනමුත් දැන් එකිනෙකාට
යන්නට වී ඇත
තම තම මාවත්වල
~~~~~~~~~~~~~~~~~~~~~
'නිදි නැති රැය' - බොහොම හුරු පුරුදු අද්දැකීමක් රසවත්ව
හෝරා එක-දෙක-තුන ද නිමයි
පෙරළෙන ගත සිත අවිවේකයි
නින්දක් ළඟ එන බව නොදැනෙයි
සිව් වැනි පැය හා පහද ගෙවෙයි
හුරු ලෙස පසු තුඩු තරුව එබෙයි
එය මසිහින දඩයමට ගනියි'
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පුංචි ජලජ පැළෑටියක්
ජලය දකින මොහොතක මෙන්
අපි ද එකිනෙකා දුටු විට
පිනා ගියෙමු
මනුස්සයන් ගැන අවංකවම පුදුමයක් ඇතිවුණ අවස්ථාවක ලියවුණ දෙයක් වෙන්නට ඇති. මට නම් කවියත් එක්කම සිතට එන්නේ මිනිසුන් ගැන කලකිරීමක්. එත් චිං මිං මිනිස්සුන්ට ආදරය කළ අයෙක්!!!
නිදා සිටිද්දී සැරසී ගන්නේ
අවංක ගති යුත් මුහුණු වලින්
හොඳ හෝ දුරු ගතිගුණ පෙන්වන්නේ
නිදි නැති විට පමණෙකි මිනිසුන්

September 2016

No comments:

Post a Comment