
The last of the Mohicans හි සංගීතය Trevor Jones සහ Randy Edelman ගේ වුණත් ජනප්‍රිය වන්නේ චිත්‍රපටයේ සංගීතයට වඩා එහි තිබුණ අපූරු ගීතයි. අයර්ලන්ත සහ ස්කොට්ලන්ත සංගීතය මේ චිත්‍රපටයට නවුම් බවක් ලාලිත්‍යයක් එකතු කර තිබුණා. චිත්‍රපටයේ වැඩිම ජනප්‍රියත්වයක් ලැබූ ගීතය වුනේ Clannad විසින් ගායනා කරන ලද "I Will Find You"ගීතයයි. Clannad අයර්ලන්ත සංගීත කණ්ඩායමක්. ඔවුන් අයර්ලන්ත ජන සංගීතය වගේම කෙල්ටික වාදී සංගීතය යොදා ගනිමින් ගී ගැයීම සම්බන්ධයෙන් ජනප්‍රියයි. නිවැරදිව ඔවුන්ව හඳුන්වනවානම්, කොටස් 26කින් සමන්විත රූපවාහිනී මාලා නාටයක් වූ ෂර්වුඩයේ රොබින් හුඩ් (1984-1986) වෙනුවෙන් සංගීතය සැපයූවේ ඔවුන්. මතකද ඒ මියුරු සංගීත ඛණ්ඩයන්. කිසිදාක එපා නොවෙන මියුරු සංගීත රටාවන්. දෑස් පියාගත් සැනින් රොබින්හුඩ් කථාන්තරයම නැවත නැවත රස විඳින් උත්තේජනයක් දෙන්නේ ඒ සංගීතයයි.
කැනේඩියානු, අයර්ලන්ත, ස්කොට්ලන්ත ජන සංගීතය බොහොම මනස්කාන්තයි. ඒවායේ තියෙනවා බොහොම අපූරු ගැමි කමක්. ඒ වගේම ලතාවක්. සංයමයක්. ඇත්තටම කිවුවොත් ලාංකික ගැමි සංගීතයට ඒවා බොහොම සමානයි. කෙල්ටික් සංගීතය මේ අතරින් ප්‍රධානයි. ඔවුන්ටම විශේෂිතවූ සංගීත භාණ්ඩත්, ඒවායෙන් උද්දීපනය වන අපූර්ව සංගීත නාදරටාවනුත් හරිම අපූරුයි. මේ අතරින් කෙල්ටික් හාපනය (celtic Harp) නමින් හඳුන්වන වීණා විශේෂත්, බැග්පයිපය (bagpipe), යූලියන් පයිපය (uilleann Pipes) රවිකිඤ්ඤය (Fiddle), ටින් නලාව (Tin whistle), මැණ්ඩලීනය(Mandolin) බීසොයොකිය (Bouzouki) නමින් හඳුන්වන මැණ්ඩලීනයට සමාන ග්‍රීක සංගීත භාණ්ඩයකුත්, එකෝඩියනය (Accordion), ඩෝල්සිමය(Hammered Dulcimer) නම්වූ තත් සහිත සංගීත භාණ්ඩද කැපී පෙනෙන ලෙස භාවිතා වෙනවා.
වර්තමානයේ මේ සංගීතයන් ඔස්සේ Clannad ට අමතරව Enya, Donna Taggart, Altan,Capercaillie, The Corrs, Loreena McKennitt, Riverdance හා U2 නිතර වේදිකාවේ සිටින ගායක කණ්ඩායම්. ඉන් මහත් ජනප්‍රියත්වයට පත්වී තිබෙන්නේ Clannad, Enya සහ Loreena McKennitt.
Loreena McKennitt ගේ The Mummers' Dance ගීතය ඇමරිකාවේ නොසිතූ විරූ ආකාරයට ජනප්‍රිය වූ ගීතයක්. ඇත්තෙන්ම ඒ ගීතය විශිෂ්ටයි කීවොතින් වැරදි නැහැ. සංගීතය වගේම ගීතයේ අර්ථයත් අපේ ආත්මයටම කිඳා බැහැල අපිව වෙනත් ලෝකයටක එක්ක යන්න මේ ගීතයට වගේම එහි සංගීතයටත් හැකිවෙනවා. ලොරීනාගේ හඬ ඊට දෙවෙනි නැහැ. කෙල්ටික සංගිතඥයන් තමන්ගේ පාරම්පරික සංගීතය අතනෑර තම අන්‍යතාවයන්ට ජීවය දීම පැසසිය යුතුයි.
අමතක කරන්න දර්ශන. ගීතය රසවිඳින්න.
"The Mummers' Dance"
When in the springtime of the year
When the trees are crowned with leaves
When the ash and oak, and the birch and yew
Are dressed in ribbons fair
When owls call the breathless moon
In the blue veil of the night
The shadows of the trees appear
Amidst the lantern light
We've been rambling all the night
And some time of this day
Now returning back again
We bring a garland gay
Who will go down to those shady groves
And summon the shadows there
And tie a ribbon on those sheltering arms
In the springtime of the year
The songs of birds seem to fill the wood
That when the fiddler plays
All their voices can be heard
Long past their woodland days
And so they linked their hands and danced
Round in circles and in rows
And so the journey of the night descends
When all the shades are gone
"A garland gay we bring you here
And at your door we stand
It is a sprout well budded out
The work of Our Lord's hand"
When the trees are crowned with leaves
When the ash and oak, and the birch and yew
Are dressed in ribbons fair
When owls call the breathless moon
In the blue veil of the night
The shadows of the trees appear
Amidst the lantern light
We've been rambling all the night
And some time of this day
Now returning back again
We bring a garland gay
Who will go down to those shady groves
And summon the shadows there
And tie a ribbon on those sheltering arms
In the springtime of the year
The songs of birds seem to fill the wood
That when the fiddler plays
All their voices can be heard
Long past their woodland days
And so they linked their hands and danced
Round in circles and in rows
And so the journey of the night descends
When all the shades are gone
"A garland gay we bring you here
And at your door we stand
It is a sprout well budded out
The work of Our Lord's hand"
October 2016
No comments:
Post a Comment